Sat. Jun 28th, 2025

සජබෙ පෙලපාලියකට පොලිසියෙන් තහංචියක්

කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඊයේ (11) නාම යෝජනා භාර දීමෙන් පසු පැවැත් වූ සමගි ජන බලවේගයේ පෙලපාලියක් පොලිසිය මැදිහත් වී වැළැක්වීමට කටයුතු කර තිබෙනවා.

මෙම පෙළපාලියට සමගි ජන බලවේගයේ ජේ. සී අලවතුවල සහ අශෝක් අබේසිංහ යන මැතිවරණ අපේක්ෂකයින් සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් පොලිසිය පැමිණ පෙලපාලියේ ගමන් ගත් පිරිසට සහ අපේක්ෂකයින්ට කළ දැනුම් දීමෙන් පසු ඔවුන් විසිර ගොස් තිබුණා.

පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (11) දිනයෙන් අවස්න් වුණා.

එහිදී , දිවයිනේ දිස්ත්‍රික්ක 22ම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කළ අතර,  පක්ෂයක නාම යෝජනා භාර දීමෙන් අනතුරුව වාහන හෝ පාගමනින් පෙළපාලි නොයන ලෙසත් ඒ සඳහා කිසිසේත් ඉඩකඩ ලබා නොදෙන බවටත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය දා උදෙස් නිකුත් කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *