රථවාහන වරදක් කළ රියැදුරෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර මුදාහැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ කිරිබත්ගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුට බරපතළ වැඩ සහිතව වසර 2ක සිරදඬුවමක් සහ රුපියල් දසදහසක දඩයක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (04) නියම කරනු ලැබුවා.
ජගත් අනුර කුමාර නම් සැරයන්වරයෙකු මෙලෙස දඬුවමට යටත් කෙරුණා.
මෙම අල්ලස ලබාගෙන තිබුණේ 2010 වසරේදීයි. කෙසේ වෙතත්, සැකකරුගේ බිරිඳ අසනීපයෙන් සිටීම සහ ඔහුගේ පෙර වැරදි නැති වීම නිසා ලිහිල් දඬුවමක් ඉල්ලා සිටියද අධිකරණය මෙම දඬුවම නියම කරනු ලැබුවා.