Fri. Jun 27th, 2025

රුපියල් 300ක අල්ලසක් නිසා රියදුරෙක් අත්අඩංගුවට

Oct29,2024 #bribery #driver #police #transport

අම්පාර පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන්ට අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා අල්ලස් වශයෙන් ලබාදීමට උත්සාහ කර ඇති මුදල රුපියල් 300ක්.

මෙම සිදුවීම සිදුව ඇත්තේ අම්පාර පොලිස් ස්ථානයේ ස්ථාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් රාජකාරියේ යෙදීසිටිය දී.

මොරවිල්ලාරු පාලම අසල දී අදාළ පුද්ගලයා විසින් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථය පොලිස් නිලධාරීන් විසින් නවතා තිබෙනවා.

එහිදී බලපත්‍ර පරීක්ෂා කිරීමේදී අදාළ බලපත්‍ර අත්සන් නොකිරීමට අල්ලස් වශයෙන් රුපියල් 300/= ක මුදලක් මෙම පුද්ගලයා නිලධාරීන්ට ලබා දී තිබුණා.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *