Sat. Jun 28th, 2025

මැතිවරණ ප්‍රතිඵල බැලිය යුතු හැටි මෙන්න

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පෞද්ගලිකව නැරඹිය යුතු බවත් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම තහනම් බවත් පොලිසිය ප්‍රකාශ කරනවා.

ඊයේ (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇති බවයි.

මහජන දර්ශනවලින් ඇති විය හැකි කලහකාරී හැසිරීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ජනාධිපතිවරණ ප්‍රතිඵල නිවෙස්වලට ගොස් පෞද්ගලිකව නරඹන ලෙස නියෝජ්‍ය පොලිස්පති තල්දූව ජනතාවට උපදෙස් දුන්නා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *