රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පැල්මඩුවලේ පිහිටි නිවසටම මේ වන විට අති විශාල පාක්ෂිකයන් සහ පළාත් පාලන නියෝජිත පිරිසක් පැමිණ තිබෙනවා.
පක්‍ෂය බෙදී වෙන් නොවී එක්ව කටයුතු කල යුතු බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.
ඔවුන්ගෙන් බහුතරයක් සදහන් කරන්නේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බවයි.
තවත් පිරිසක් ඉල්ලා සිටින්නේ පොදු ජන පෙරමුණ හා වික‍්‍රමසිංහ මහතා එක්ව ඉදිරියට යා යුතු බවයි.
කෙසේ වුවද පොදු ජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු දැමිය යුතු බවට කිසිවකු යෝජනා කර නැති වීම විශේෂත්වයක්.
මේ වන විට රත්නපුර දිස්ත්‍රික් සියලුම මන්ත්‍රීවරුන් පාහේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියට යාමට තීරණය කර තිබෙනවා.