Fri. Jun 27th, 2025

වැඩිකළ වැටුප් දීමනා නොලැබීමෙන් දුක්විඳින වතුකම්කරුවෝ

Aug6,2024

වතු කම්කරුවන් තමන්ගේ වැටුප් වැඩි නොවීමත් සමඟ තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වතු කම්කරුවන් පිරිසක් පවසනවා .

මෙම තත්ත්වයන් පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ වතු කම්කරුවන්ට ලැබෙන රුපියල් දහසක සොච්චම් දෛනික වැටුප නිසා තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවයි .

මෙම දෛනික වැටුප මත මසකට දින විසි පහක් වැඩ කලත් ලැබෙනුයේ රුපියල් විසිපන් දහසක මුදලක් නිසා මෙම මුදලින් තමන්ට මසකට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමටවත් ප්‍රමාණවත් නොවන බවත් මෙම තත්ත්වයන් මත තමන්ට දිනකට තුන් වේල නොකා කුසගින්නේ කාලය ගත කිරීමට සිදුවන බවයි ඔවුන් පවසන්නේ .

නිසි වැටුපක් වතු කම්කරුවන්ට නොලැබෙන බැවින් මේ වන විටද වතු කරයේ බොහෝ පිරිසක් වතුකරයෙන් පිටව ගොස් පිට පළාත්වල හෝටල්, වෙළඳසැල්, නිවාසවල සේවයට යාම නිසා ඉදිරියේදි වතුවල සේවය කිරීමට ප්‍රමාණවත් පිරිස් නොමැති වීමෙන් තේ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවයි ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ

මෙම තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කර රජය විසින් වතු කම්කරු වැඩි කලද වතු සමාගම් එයට එරෙහි වීම මත එම වැටුප් වැඩිවීම තමන්ට නොලැබෙන නිසා මෙම තත්ත්වයන් පිළිබඳව වතු සමාගම්ද දැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔවුන් පවසනවා .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *