Sat. Jun 28th, 2025

සංවිධානාත්මක අපරාධකරුවෙක් පොලිස් දැලේ

Oct28,2024 #arrest #drugs #murder #police #underworld

ආරක්ෂක අංශ නොමග යවමින් මෙරට සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “මර්වින් ජානා නොහොත් බේකරි ජානා” නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තිඩිය, දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 වන පුද්ගලයෙක්.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17, මිලි ග්‍රෑම් 60ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සදහා කාර් රථයකින් ගමන් කරමින් සිටියදී දෙහිවල පාර, බොරලැස්ගමුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *