මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයකට සම්බන්ධ නිරූපණ ශිල්පී පියුමිහංසමාලි සැප්තැම්බර් 20 වැනි දින දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
එම පොරොන්දුව ප්‍රකාරව හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව සිදු කරගෙන යෑමට හැකි බවයි ආචනාධිකරණය රහස් පොලිසියට දන්වා සිටියේ.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පියුමී හංසමාලි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද (15) අභියාචනාදීකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.