නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමින් මිලට ගන්නා ලද BMW වර්ගයේ මෝටර් රථයක් කෝටිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසකින් හමුවී තිබෙනවා.
මෙම පුද්ගලයා ගුවන් මගින් කුෂ් හා කොකෙන් නම් මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කළ පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල ප‍්‍රදේශයේ සැගව සිටියදීයි.
සැකකරු මෙම වසර මුලදී නාවල කොස්වත්ත ප්‍රදේශයේ සුපිරි නිවසක කුලී පදනම මත පදිංචිව සිටියදී මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමත් සමගම එම නිවස අත්හැර දමා නාවල පාසල් මාවත ආසන්නේ සුපිරි නිවසකට පදිංචිය මාරු කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඔහු සතුව තිබූ මෝටර් රථය පියුමි හංසමාලි නමින් මිලට ගෙන තිබූ එකක් බවත් හෙළිදරව් වී තිබෙනවා.
එම සුඛෝපභෝගී මෝටර් රථය සඳහා රුපියල් කෝටියක මුදලක් ගෙවා ඇති අතර ඉතිරි මුදල ගෙවීමට නියමිතව තිබූ බවයි වාර්තාවන්නේ.