සැකකටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇති බවට චෝදනා ලැබ සිටින නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට එරෙහිව විමර්ශන පවත්වන අධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇයට අයත් පෞද්ගලික ආයතනයක බෙදාහැරීමේ කළමනාකරුවකුගෙන් ප්‍රශ්න කිරීමට යන බවයි වාර්තාවන්නේ.
එමෙන්ම පියුමි හංසමාලිට අයත් දේපොළ වත්කම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අනතුරුව ඇයගෙන් ද ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරීහු පවසනවා.
සම පැහැපත් කරන ක්‍රීම් වර්ගයක් අලෙවි කිරීමේ පෞද්ගලික ආයතනයක් පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යන අතර ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත්තේ එම ආයතනයේ බෙදාහැරීමේ කළමනාකරුයි.
පියුමි හංසමාලි විසින් රුපියල් ලක්‍ෂ 800ක් වටිනා ජීප් රථයක් සහ මිලියන 1480ක් වටිනා සුපිරි මහල් නිවාසයක් මීට ටික කලකට උඩදී මිලදී ගෙන තිබුණා.
සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලකට අනුව නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් මෙම විමර්ශනය ක්‍රියාත්මක කර තිබෙනවා.
පියුමි හංසමාලී නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා රහස් පොලිසියට අවසර ලබා දී තිබුණා.
ඒ, උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන්.