Sat. Jun 28th, 2025

ඝාතනය අත්වැරදීමක්? PHI රොෂාන්ගේ ඝාතකයා සියල්ල වමාරයි!

Jul5,2024 #breaking news #murder

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකව සිටි රොෂාන් කුමාර මහතා සාහසික අන්දමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ කුලී ඝාතකයා, ඝාතනයට යොදා ගත් ස්වයංක්‍රිය පිස්තෝලය ද සමග ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ සිටින පාතාල නායකයකු ලබාදුන් රුපියල් ලක්ෂ 11ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

මෙම කුලී ඝාතකයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවසට යාබද නිවසේ පදිංචිව සිටි විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයකු ඝාතනය කරන්නට පැමිණි බවත් අත්වැරදීමකින් මෙම ඝාතනය සිදුකර ඇති බවත් විමර්ශන කණ්ඩායම් සැකපහළ කරන බවයි පැවසෙන්නේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් තවමත් සාක්ෂි කිසිවක් ලැබී නොමැති බවද පොලිසිය පවසයි. තමන් ඝාතනය කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු බව නොදැන සිටි බව අත්අඩංගුවට ගත් කුලී ඝාතකයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා ඇතුළු නිලධාරීන් ඉකුත් මස 22 වැනිදා ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග 52 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණ.

එම සැකකරු ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි කර ඇත්තේ කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කරනු ලැබුවේ තමා විසින් බවයි.

එහිදී දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී එම ඝාතනයට යොදාගත් ඇමරිකාවේ නිෂ්පාදිත මිලිමීටර් 9.9 වර්ගයේ අවිය බඩෝවිට ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවිය. ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලයක් ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පාසලක් අසල සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවිය.

මෙම සැකකරු රැඳවුම් නියෝග මත තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී තවත් තොරතුරු රැසක් හෙළි විය.

මොහු කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඝාතනය සඳහා ගොස් එම ප්‍රදේශයේ නිවසක දින 15ක් තිස්සේ නවාතැන් ගෙන සිට ඇත. එසේ මොහුට නවාතැන් දුන් අඹු සැමි යුවළක් ද පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.

සැකකරු තවදුරටත් පවසා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටි පාතාල කල්ලියක් විසින් මෙම කොන්ත්‍රාත්තුව තමන්ට භාරදුන් බවත් අදාළ මුදල් ගෙවීමේ කටයුතු සමන්කොල්ලා නමැති පාතාල ප්‍රබලයා විසින් තම බිරිඳගේ බැංකු ගිණුමට දමා තිබූ බවත්ය.

මෙම ඝාතනය සඳහා යෑමට යතුරුපැදිකරුවකු ඩුබායි හි සිටින පාතාල කල්ලිය විසින් තමන්ට ලබාදුන් බවත් එම පුද්ගලයා තමන් නොදන්නා බවත් කුලී ඝාතකයා පවසා ඇත.

මෙම කුලී ඝාතකයා තවත් අපරාධ මිනීමැරුම් රැසකට සම්බන්ධ බවට ලැබුණු තොරතුරු මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති, ඒ. මාරපන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මන, පොලිස් අධිකාරි රොෂාන් පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක චමින්ද කුමාරගේ, කොස්තාපල්වරුන් වන (67091) චතුරංග, (34274) පියසිරි, (25426) වීරසේකර, (105087) අක්ෂාන්, (104770) සලේ, (93299) කුමාර ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව විමර්ශන පවත්වාගෙන යයි.
ඉකුත් පෙබරවාරි මස 26 වැනිදා උදෑසන කරන්දෙණියේ පිහිටි නිවසට කඩාවැදුණු සන්නද්ව පාතාල සාමාජිකයන් දෙදෙනකු තම දරුවා පාසල් රැගෙන යෑමට සූදානම් කරමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් පුෂ්පකුමාර මහතාට වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *