Sat. Jun 28th, 2025

ගෝඨාගේ ජනාධිපති සමාවට විරුද්ධ පෙත්සම කැඳවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දුන් ජනාධිපති සමාවක් බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ජනවාරි 15 වන දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

මිරිසුවිල් සමූහ මිනිස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු යුද හමුදා කෝප්‍රල් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීණ්දුව ලබා දුන්නේ.

අදාළ සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයින්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය අම්බිකා සත්කුණනාදන් ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීම සඳහා ද අධිකරණය විසින් කල් ලබා දුන්නා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *