Sat. Jun 28th, 2025

කළුතර වැනසූ “පෙති රංග” පොලිස් දැලේ

Feb25,2025 #arrest #slpolice

කළුතර හා අවට ප්‍රදේශ රැසක අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ජාවාරමේ නිරත වූ ජම්බුවාගේ මදුරංග සිල්වා නොහොත් “පෙති රංග” ඊයේ (24) සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර උතුර පොලිස් වසමේ දෙදියවල සුනාමි නිවාස සංකීර්ණයේදී කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරු විසින් කළුතර උතුර දෙදියවල සුනාමි නිවාස සංකීර්ණයේ සැකකටයුතු ලෙස මෙම ජාවාරම සිදුකර ගෙන ගිය බවට පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, මත්කරල් 18ක්, අයිස් මත්ද්‍රව්‍ය මැන බැලීම සඳහා භාවිතා කරන කුඩා ප්‍රමාණය ඩිජිටල් තරාදියක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් රුපියල් 50,000ක මුදලක් ද එම ජාවාරම සිදුකරගෙන යාමට භාවිතා කළ ජංගම දුරකතනයක්ද පොලිස් භාරයට ගත් බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *