Sat. Jun 28th, 2025

පළාත් පාලන ආයතනවල සේවකයින් 8435කට ස්ථිර පත්වීම්

Jun27,2024

පළාත් පාලන ආයතන තුළ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට අනුවයි.

මෙමගින් දිවයින පුරා ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගරසභා වල සේවය කරන තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින 8435 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබෙනවා.

එම පත්වීම් ලිපි කඩිනමින් ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්වුණා.

ඒ අනුව ජූලි මාසය තුළ එම සියලු පත්වීම් ලිපි ලබා දීමට තීරණය කළා.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, බස්නාහිර, වයඹ, උතුර ආණ්ඩුකාරවරු සහ ලේකම්වරු මෙන්ම ඌව පළාත් ප්‍රධාන ලේකම්වරියද, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහේෂි කොඩිප්පිලිආරච්චිද මෙම සාකච්ඡාවට සහභාගී වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *