Sat. Jun 28th, 2025

බන්දුල අනුමත කළ ගෙවීමක් අධිකරණයෙන් අත්හිටුවයි

හිටපු ඇමැති බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි ඉදිකිරීම් සමාගමකට නීති විරෝධී ලෙස සිදුකිරීමට ගිය බව කියන රුපියල් මිලියන 150ක මුදල් ගෙවීමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ‘මග නැඟුම’ ඉදිකිරීම් සමාගම විසින් 2K කන්ස්ට්‍රක්ෂන් සමාගමට ගෙවිය යුතු මුදල පියවා තිබියදී ඊට අමතරව රුපියල් මිලියන 150ක මුදලක් හිටපු විෂය භාර ඇමැතිවරයා සහ අමාත්‍යාංශයේ එවකට ලේකම්වරයා වන රංජිත් රූබසිංහ විසින් අනුමත කර තිබෙනවා.

‘මග නැඟුම’ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය යන දෙපිරිසම මෙම ගෙවීමට විරුද්ධ වූ අතර එය මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඉවත් කිරීමට සහ දැන් වැඩ බලන සභාපති ලෙස කටයුතු කරන රූබසිංහ විසින් එම මණ්ඩලය විසුරුවා හැරීමට ද හේතු වුණා.

‘මග නැඟුම’ විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම මණ්ඩලය විසුරුවා හැරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර මෙම සිද්ධිය නීති විරෝධී මුදල් ගෙවීමට මණ්ඩලය දැක්වූ විරෝධය හා සම්බන්ධ බව ඔහු කියා සිටියා.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබුණේ 2025 මාර්තු මාසයේ මීළඟ නඩු විභාගය තෙක් අදාළ ගෙවීම අත්හිටුවීමටයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *