Sat. Jun 28th, 2025

නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ දක්වා මගී ප්‍රවාහන නෞකා සේවය අදින් ඇරඹෙයි

Aug16,2024

ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ දක්වා වූ සිවගංගෙයි මගී ප්‍රවාහන නෞකා සේවය අද සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

මෙහි ගමන් ගන්නා මගියෙකුගෙන් සාමාන්‍ය ආසනයක් සඳහා ඉන්දීය රුපියල් පන්දහසක් සහ සුඛෝපභෝගී ආසනයක් සඳහා ඉන්දීය රුපියල් හත්දහස් පන්සීයක් අය කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම මගී ප්‍රවාහන නෞකාවේ සාමාන්‍ය ආසන 133ක් පවතින අතර, එහි පනවා ඇති සුඛෝපභෝගී ආසන සංඛ්‍යාව 27ක්.

මෙම යාත්‍රා සේවාව සතියේ දින හතේම ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *