Sat. Jun 28th, 2025

පාර්ලිමේන්තු අනංගයෝ සේවයෙන් පහ කෙරේ!

Jan11,2025 #news #slpolitics

පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් ‌සේවිකාවන්ට ලිංගික අතවර කරන ලද සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනෙකු සේවයෙන් පහ කිරීමට කතානායක ජගත් වික්‍රමරත්න තීරණය කර තිබෙනවා.

කතානායක තීරණය මෙකී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ නිර්දේශ අනුව ගෙන ඇතැයි සඳහන්.

මෙම ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ සේවිකාවන් 15කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මේ අතරම පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට ද විවිධ අඩන්තේට්ටම් සහ ලිංගි හිරිහැර සිදුවී ඇති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කළ අනාවරණය අනුව විමර්ශනයක් පැවැත්වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *