Wed. Apr 30th, 2025

කුණු කේස් එකක් නිසා ලැබුණු කෝටි දෙකක වන්දියක්

වසර 24ක් සිය සමාගමේ උසස් නිලයක් දැරූ නිලධාරියකු අසාධාරණ ලෙස සේවයෙන් ඉවත්කළ ප්‍රධාන පෙළේ තේ නිෂ්පාදන සමාගමකට වසර 24ක් සිය සමාගමේ උසස් නිලයක් දැරූ නිලධාරියකු අසාධාරණ ලෙස සේවයෙන් ඉවත්කළ ප්‍රධාන පෙළේ තේ නිෂ්පාදන සමාගමකට වත්තල කම්කරු විනිශ්චයාධිකරණයේ සභාපතිනි පත්කළ මහේස්ත්‍රාත් ඊ. ඒ. ඩී. වයි.එම්.සී. ඒකනායක නියෝග කර ඇත්තේ එම සේවකයාට රුපියල් දෙකෝටි විසිලක්ෂ හැටනවදහස් අසූවක වන්දියක් ගෙවන ලෙසයි.

එකී පැමිණිලිකාර නිලධාරියා සේවයෙන් ඉවත්කරන විට ලැබූ මාසික වැටුප වන රුපියල් 306,515ක මුදල මෙන් 24 ගුණයක් වගඋත්තරකාර සමාගම ගෙවිය යුතු බවත් ලබන දෙසැම්බර් 5 වැනිදා හෝ ඊට පෙර ජා-ඇළ සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයේ එම මුදල තැන්පත් කළ යුතු බවටත් එකී තීන්දුව මගින් රාගම මත්තුමගල පරාක්‍රම පාරේ පිහිටි වගඋත්තරකාර සමාගමට නියම කෙරුණා.

වගඋත්තරකාර සමාගමේ සභාපතිවරයා එම කාර්යාල භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අවස්ථාවට සහභාගිවීමට නියමිතව තිබීම නිසා ආයතන භූමියේ තිබූ කැළිකසළ ඉවත් කිරීමේදී කසළ ඉවත් කිරීමට භාරගත් පුද්ගලයාට රුපියල් 50,000ක් ගෙවීමේ සිද්ධියක් මුල්කරගෙන නිෂ්පාදන හා අපනයන අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ ඩබ්ලිව්.එන්.එස්. අල්විස් නමැති පැමිණිලිකාර නිලධාරියාට 2021.12.29 වැනිදා සිට සේවයෙන් ඉවත්කිරීමට සමාගම පියවර ගෙන තිබුණා.

එකී කසළ ඉවත්කර ඇත්තේ පැමිණිලිකාර නිලධාරියා නිවාඩු ලබාසිටි දිනකදී වන බැවින් වගඋත්තරකාර සමාගම පෙන්වාදෙන පරිදි විශ්වාසය කඩකිරීමේ චෝදනාවට ඔහු වරදකරු කර එලෙස සේවයෙන් ඉවත් කිරිම යුක්ති සහගත නොවන බව කම්කරු විනිශ්චයාධිකරණයේ සභාපතිනිය සිය තීන්දුව මගින් පෙන්වා දුන්නා.

පැමිණිලිකරුට ඇති වෘත්තීය පළපුරුද්ද අනුව වෙනත් ආයතනයක රැකියාවක් සොයාගැනීම එතරම් අපහසු නොවන නමුත් ඔහු මේ වනවිට 52 හැවිරිදි වියේ පසුවීම හා වගඋත්තරකාර සමාගම එල්ල කර ඇති චෝදනාවට අනුව එම ක්ෂේත්‍රයේ රැකියාවක් සොයාගැනීමට ඇති ගැටලුව මෙන්ම එකී චෝදනා මගින් පැමිණිලිකරුගේ කීර්තිනාමයට සිදුවී ඇති හානිය සළකා එම වන්දිය නියම කරන්නේ යැයි කම්කරු විනිශ්චයාධිකරණයේ සභාපතිනිය සිය තීන්දුව මගින් පෙන්වා දී තිබුණා

පැමිණිලිකරු වෙනුවෙන් ලංකා සේවක උපදේශක සේවා සංගමයේ නියෝජිත ආර්.ජේ.එම්. ආනන්දප්පා පෙනීසිටි අතර නීතිඥ මීගාර ඩෝස් වගඋත්තරකාර සමාගම වෙනුවෙන් පෙනීසිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *