Mon. Jun 30th, 2025

පුද්ගලයෙක් ව ඝාතනය කර ඔහුගේම කැබ් රථයක දමා ගිනි තියලා

Jul15,2024

උප්පුවේලි ප්‍රදේශයේදී පුද්ගලයෙකුව ඝාතනය කර කැබ් රථයක් තුළට දමා පුළුස්සා ඇති බව පොලීසිය පවසයි.

13න් වෙනිදා උප්පුවේලි පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී හෙළිවී ඇත්තේ පුද්ගලික ආරවුලක් මත ඊයේ අළුයම් කාලයේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවය්.
මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි ඇලස්වත්ත, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් අවුරුදු 24ක් වයසැති කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිව සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනයට ලක්වූ පුද්ගලයා නිලාවේලී පාර ඇලස්වත්ත පාර, ඇලස්වත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා තවත් දෙදෙනෙකු සමඟ වෙළෙඳසැල තුළ සිටිය දී සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ මෙම පුද්ගලයාට පහරදී ඔහුව ඔහුගේම කැබ් රථය ද සමඟ පැහැරගෙන ගොස් තිබෙනවා.

පසුව ඔහුව ඝාතනය කර දේහය මොරවැව ප්‍රදේශයේ කැලෑබද ස්ථානයකට ගෙන ගොස් කැබ් රථයට තුළ ට දමා පුළුස්සා තිබෙනවා.

ඝාතනයට යොදා ගත් බවට සැකකරන පොල්ලක් සොයාගෙන ඇති අතර උප්පුවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *