මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව කොළඹ ප්‍රදේශයේ අලවා තිබූ මඩ පෝස්ටරය මුද්‍රණය කළේ යැයි කියන යක්කල ප්‍රදේශයේ මුද්‍රණාල හිමිකරුවා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ නියෝග කළා.
පෝස්ටර්ය පිළිබඳව තමන් නොදන්නා බවත් සිය සේවකයන් විසින් මුද්‍රණය කර ඇති බවත් අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළ දසුන් තරංග නමැති මුද්‍රණාල හිමිකරුවාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ ඔහු රක්ෂිත බන්ධනාගාරගත කළා.
සිංහලෙන් තිබූ පෝස්ටරයක් මුද්‍රණය කිරීමට භාරගෙන මුදල් ද ලබාගත් තමුන් එය නොදන්නා බව පැවසීමට තරම් අනවබෝධයක් ඇති පුද්ගලයෙක් දැයි විනිසුරුවරයා මෙහිදී සැකකරුගේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග සහ පොලිස් සැරයෙන් බණ්ඩාර අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු පෝස්ටරය මුද්‍රණය කිරීමට ලබාගෙන රුපියල් 43500ක මුදලක්ද ලබාගෙන ඇති බවයි.