ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) පවසන්නේ 2024 දී ළමයින්ට එරෙහිව සිදු වූ දරුණු ලිංගික අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 321 ක් ලැබී ඇති බවයි.
2024 ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ලිංගික අතවර සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 580 ක් ලැබී ඇති බවද සඳහන්.
මෙම කාලය තුළ, ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 8746 ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති අතර, වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වන 2746 ක් ළමා ආරක්ෂණ ගැටලු වෙනවා.
ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 1,950 ක්, දරුවන් යාචකයින් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 229 ක්, ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 42 ක් සහ ලිංගික ක්‍රියාවන් සඳහා දරුවන් යොදා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 25 ක් ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා.
මීට අමතරව, ළමා විවාහ පිළිබඳ පැමිණිලි 14 ක් සහ දරුවන්ගේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමේ තර්ජන සම්බන්ධයෙන් පැමිණිලි 151 ක් ලැබී ඇතැයි සඳහන්.
2024 දී සියදිවි නසාගැනීමේ උත්සාහයන් සම්බන්ධයෙන් පැමිණිලි 18 ක් සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සම්බන්ධයෙන් පැමිණිලි 120 ක් ද ඒ අතර වෙනවා.
නව යොවුන් වියේ ගැබ්ගැනීම් පිළිබඳ පැමිණිලි 53 ක් සහ උප්පැන්න සහතික නොමැති දරුවන් පිළිබඳ පැමිණිලි 39 ක් ද ඇතැයි වාර්තා වෙනවා.