Sat. Jun 28th, 2025

දේශපාලකයන් 1000කට වැඩ වරදී: මුදල් ගියේ කොහේටදැයි සොයයි!

Jan9,2025 #election #news #politics

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා වැය වූ මුදල් ප්‍රකාශ කිරීමට අපොහොසත් වූ අපේක්ෂකයින් සහ ස්වාධීන කණ්ඩායම් පිළිබඳ නෛතික කටයුතු සකස් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අදාළ සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව අදාළ මැතිවරණ කොට්ඨාස මට්ටමින් අපේක්ෂකයින්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි සඳහන්.

2024 මහ මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් 1,042ක් සහ පක්ෂ ලේකම්වරු සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් 197ක් ආදායම් වියදම් ප්‍රකාශ ලබාදීමට අපොහොසත් වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට විස්තර ලබා දී තිබුණා.

ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වාර්තා නීතිපති උපදෙස් සඳහා ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *