Fri. Jun 27th, 2025

රනින් හා රිදියෙන් ලක්මව සැරසූ අපේ න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයින් තිදෙනා

Aug8,2024

පිලිපීනයේ පැවති ජාත්‍යන්තර න්‍යෂ්ටික භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියට සහභාගී වී රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුණ න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයින් තිදෙනකු සමත් වී තිබෙනවා.

මෙම තරඟාවලිය පිලිපීනයේ නිව් ක්ලාක් නුවර ඉකුත් 07/31 දින සිට 08/07 දින දක්වා පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම්.එන්.ඒ.මුෂාබ් රන් පදක්කමක් දිනා ගැනීමටද පඹසර මාදුවගේ සහ අඛිල බණ්ඩාර රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.

මොවුන් ඊයේ (8) උදෑසන 09.35 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *