Thu. May 1st, 2025

නමට අපේක්ෂක කෙනෙක් සජබෙ වේදිකාවේ

සමගි ජන බලවේගය පක්ෂයේ මාතර, තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල රැස්වීම් කිහිපයකට සහභාගී වී කතා පැවැත්වූ ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේට මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් අවවාද කර තිබෙනවා.

මින් ඉදිරියට එවැනි කටයුතු වල නොයෙදෙන ලෙසටද ඔහුට දැනුම් දුන්නේ යැයි කොමිසමේ නිලධාරියෙක් පැවසුවා.

ජනපති අපේක්ෂකයකු වෙනත් අපේක්ෂකයෙකුගේ රැස්වීමකට සහභාගි වීම මැතිවරණ නීතියට ගැනෙන වරදක් නොවූවත් ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනාවක් මතු කළ හැකි බවයි ඔහු පැවසුවේ.

මේ සම්බන්ධයෙන් පසුගියදා කළ විමසුමකදී මානගේ පැවසුවේ ජනතාවගෙන් ඉදිරිපත් වී ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන තමා එම රැස්වීම්වලට සහභාගි වූ බවයි.

ජනතාවට පණිවිඩයක් ලබාදීමට තමා ඒ ස්ථාන පාවිච්චි කළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ප්‍රේමසිරි මානගේ 2004-2010 අතර කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින්, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *