Sat. Jun 28th, 2025

මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

Aug6,2024

සුරාබදු රෙගුලාසිවලට පටහැනි ආකාරයට මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කර තිබෙනවා .

සුරාබදු රෙගුලාසිවලට පටහැනිව නිකුත් කර තිබෙන මත්පැන් බලපත්‍ර අභියෝගයට ලක් කරමින් මත්පැන්හල් හිමියන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කර තිබුණේ .

මෙම අතුරු තහනම් පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන්

ඒ අනුව අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ මුදල් අමාත්‍යවරයා, සුරාබදු කොමසාරිස් ජනරාලරයා ඇතුළු පිරිසකට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා ඇත්නම් ඒවා සති හයක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් වගඋත්තරකරුවන්ට නියෝග කෙරුණා .

ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සති හතරක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයට අධිකරණය විසින් නියෝග ලැබුවේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *