Sat. Jun 28th, 2025

විපක්ෂ නායක කාර්යාලය හිතුමතේ OT ගෙවලා

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා අතිකාල හා දීමනා ගෙවා ඇත්තේ  ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් කාලය සනාථ කර ගැනීමෙන් තොරව බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

රුපියල් ලක්ෂ තිහකට වැඩි අතිකාල දීමනා එලෙස ගෙවා තිබෙන බවයි සඳහන් වන්නේ.

රාජකාරී වෙලාවෙන් පසුව වේලාව පදනම් කරගනිමින් ගෙවනු ලබන අතිකාල හා දීමනා සඳහා කාලය පදනම් කරගන්නේ නම් එම කාලය ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් තහවුරු කර ගත යුතු බව 2009  රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් වනවා.

මේ අතර විපක්ෂ නායක කාර්යාලයේ  අභ්‍යන්තර විගණන කර්තව්‍ය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කර නොතිබූ බව ද එම වාර්තාවේ දැක්වෙනවා.

මෙම තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ.

කෙසේ වෙතත් අදාළ විගණන වාර්තාවට අනුව විගණන නිලධාරියා විසින් විපක්ෂ නායක කාර්යාලයෙන් මේ පිළිබඳව කරුණු විමසීමේදී ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එහිදී දැක්වූ ප්‍රතිචාරය පහත පරිදි අදාළ විගණන වාර්තාවේ සඳහන් වනවා.

” මෙම අතිකාල ගෙවීම් සිදුකර ඇත්තේ ක්ෂේත්‍රයේ රාජකාරී වල නිරත වන නිලධාරීන්ටයි. ඔවුන්ගේ රාජකාරි අධීක්ෂණය කරන ආසන්නතම අධීක්ෂණ විධායක / මාණ්ඩලික නිලධාරී විසින් සිදුකරන පැමිණීමේ හා පිටවීමේ සනාථන පදනම් කර ගනිමින් අතිකාල ගෙවීම් සිදුකර ඇත.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *