හිටපු අමාත්‍යවරුන් 41 දෙනෙක් විසින් භාවිතා කර ඇති නිල නිවාසවලින් මෙතෙක් ආපසු භාරදී ඇත්තේ නිල නිවාස 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වාර්තා කරනවා.
පසුගිය රජයේ අමාත්‍යවරුන් සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෙම නිල නිවාස 41ක වෙන් කර තිබූ බව එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් උපුටා දක්වමින් නිවුස් ෆස්ට් වාර්තා කර තිබෙනවා.
ජනාධිපතිවරණය අවසන් වූ වහාම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මෙම නිවාස නැවත ලබා දෙන ලෙස දැනුම්දීමක් කර තිබුණා.
එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේ නිල නිවාස තව දුරටත් රඳවාගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැලසුම් කර ඇති බවය.