වසරේ ගතවූ මාස 5ක කාලසීමාව තුළ අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක් වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුගල මහතා සඳහන් කළේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි 7,916 ක් වාර්තා වී ඇති බවයි.
මාස දෙකක් ඇතුළත ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි විශේෂයෙන් ළමා ලිංගික හිංසන 27 ලැබී ඇති බවයි ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරමින් චරුක දමුණුගල මහතා සඳහන් කළේ.
එම පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට යොමු කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා