ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියලකින් අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.
කෙසේවෙතත් සිමෙන්ති අමුද්‍රව්‍ය ආනයනයේදී අය කරන සෙස් බද්ද සිමෙන්ති අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට රුපියල් 02කින් වැඩිකිරීම පිළිබඳව පසුගිය මාසයේදී සාකච්ඡා වී තිබුණා.
සිමෙන්ති අමුද්‍රව්‍යවල සෙස් බද්ද වැඩිකිරීම හරහා ඉදිකිරීම් ක්ෂේත්රයට විශාල බලපෑමක් එල්ල විය හැකි බවයි එහිදී කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ.
තව ද වරායට ගොඩබාන සිමෙන්ති මිල සහ විකුණුම් මිල අතර සියලු බදු අඩුකළ විට රුපියල් 700කට ආසන්න ලාභයක් ඇති බව පෙන්වා දුන් කමිටුව සිමෙන්ති හා යකඩ ගොඩබාන මිල සහ අදාළ සියලු බදු අඩු කළ විට විකුණුම් මිල සමඟ විශාල පරතරයක් තබා ගනිමින් අයථා ලාභයක් ලබන බව පෙනී යන බව ද ප්‍රකාශ කළා.
ඒ පිළිබදව වාර්තාවක් ලබාදෙන ලෙස කමිටු සභාපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝග කර තිබුණා.