Sat. Jun 28th, 2025

ඔලිම්පියාඩ් ශුරයෝ පදක්කම් ගොන්නක් සමග දිවයිනට

Jul22,2024

ඔලිම්පියාඩ් පදක්කම් 15ක් දිනාගත් පාසල් සිසුන් දිවයිනට පැමිණියා.

ලොව වේගයෙන් නිවැරදි තීරණ ගන්නා ළමයින් සොයා ගැනීම අරමුණු කර ගනිමින් ඇබකස් ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගාවලිය සංවිධාන කෙරෙනවා.

මෙය පසුගිය 21 වනදා ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්වුණා. ජපානය / තායිවානය / කොරියාව / ඉරානය ඇතුළු රටවල් 18 සිසුන් 1,200ක් පමණ ඊට සහභාගි වුණා.

මෙම තරගාවලියේ දී කැලණිය / උඩුපිල ප්‍රාථමික විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පවනි අසංකා සිසුවිය රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වුණා.

ඊට අමතරව රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික සිසුන් සමත්වුණා.

ඔවුන් අද උදෑසන දිවයිනට පැමිණි අතර පිළිගැනීම සදහා දෙමව්පියන් ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *