Wed. Apr 30th, 2025

යළි තෙල් පෝලිම්? – ඉන්ධන බෙදුම්කරුවන් දැඩි තීරණයක

Feb28,2025 #Fuel separators

අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පැවසුමේ මේ වන විට පවතින සංචිත බෙදා හැරීම පමණක් සිදුකරන අතර අලුතින් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකර බවයි.

ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වන විට හිමිවන 3%ක වට්ටම් මුදල අහෝසි කර එය හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදු කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

2022 වසරේ මාර්තු මාසයේ දී නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව මෙය බලාත්මක වී ඇති අතර ඒ අනුව දැනට ගෙවනු ලබන මුදල අනීතික බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පෙන්වාදෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *