Wed. Apr 30th, 2025

අද කෑම පැයේ පාරට බහින හෙද නිලධා‍රීන්

Feb27,2025 #nursingstaff

දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ, අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින්.

අද පස්වරු 12.00 සිට 1.00 දක්වා දහවල් කෑම පැය තුළ එම විරෝධතාවයේ නිරත වන බව‍යි එම සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.

මෙම විරෝධතාවයෙන් රෝහල් කටයුතුවලට බාධා නොවන බව ද නාලක හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *