මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඊයේ ෙ(20) පවසා සිටියේ, ජාතික ජන බලවේග රජයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා තනි ගිණුමකට බැර කරන බවයි.
එය 1994 දී ජනතා විමුක්ති පෙරමුණේ පළමු මන්ත්‍රීවරයා වූ නිහාල් ගලප්පත්ති තේරී පත් වූ දා සිට පක්ෂය විසින් පවත්වාගෙන යන සම්ප්‍රදායක් වනවා.
මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා ද මෙම පිළිවෙත අනුගමනය කරන බවයි.
එක් ගිණුමකට සියලු වැටුප් මුදල් තැන්පත් කර මහජන සේවය සඳහා යොදාගන්නා බව ඔහු කියා සිටියා.