ජාතික ජනබලවේගයේ පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මොහොමඩ් ෆයිසාල්ගේ රියේ ගැටුණු යතුරු පැදිකරු එතැනම මරුමුවට පත්ව ඇතැයි වාර්තා වෙනවා.
පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වීමට මන්ත්රීවරයා සහ රියදුරු ලෙස කටයුතු කළ ඔහුගේ සොයුරා කොළඹ බලා ගමන් කරමින් සිටියදී පුත්තලම කනුමුල්ල ප්රදේශයේ දී මෙම මාරක අනතුර සිදුව තිබුණා.
අනතුරට හේතුව අධික වේගයෙන් රිය ධාවනය බවද සඳහන් වෙන අතර රථයේ සිටි දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නැහැ.