Sun. Apr 27th, 2025

මනාප පිළිවෙලට පාර්ලිමේන්තු යවනවා : මාලිමාවෙන් සහතිකයක්

එළඹෙන මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමින් නාමයෝජනා ලැයිස්තු සකස් කරමින් සිටින බවත් අවසන් කළ ලැයිස්තු කොළඹ ප්‍රධාන කාර්යාලයේදී සමාලෝචනය කරන බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ පවසනවා.

අපේක්ෂකයන් අතර මනාප තරඟය වළක්වා ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කරමින් සිටින බව ද ඔහු වැඩි දුරටත් පැවසුවා.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බවත් මනාප අනුව ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ලද සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට යොමුකිරීමට ජාතික ජනබලවේගය වගබලා ගන්නා බවත් ඔහු සඳහන් කළා.

“ජාතික ජනබලවේගයේ තරඟකරුවන් අතර මනාප තරඟකාරීත්වය වළක්වාගැනීම සඳහා අපි යාන්ත්‍රණයක් සකස්කරමින් සිටිනවා. අපි මැතිවරණයට තරඟ කරන සියලුම ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන් හමුවී ඒ පිළිබඳව දැනුම්දෙනවා.” ඔහු ප්‍රකාශ කළා.

ජාතික ජනබලවේගය සිය නාමයෝජනා ලැයිස්තුවට සහ ජාතික ලැයිස්තුවට කාන්තා අපේක්ෂිකාවන් වැඩි වශයෙන් ඇතුළත් කරන බවත් එම ලැයිස්තු දෙකටම වෘත්තීයවේදීන් ද ඇතුළත් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *