Sat. Jun 28th, 2025

අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි

Nov26,2024 #news #police #slpolitics

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක ඔහු සැකකරුවකු වශයෙන් නම්කර සිටිනවා.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *