Sat. Jun 28th, 2025

උතුරේ පලතුරු අඩු මිලට කොළඹට

Jul26,2024

උතුරු පළාතේ නිෂ්පාදනය කරන මිලෙන් අඩු පලතුරු කොළඹට ගෙන්වා පාරිභෝගිකයින්ට සහන මිලකට ලබාදීමේ වැඩපිළිවළෙක් නුදුරේදීම ක්‍රියාත්මක කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවති විශේෂ මාධ්‍ය හමුවේදීයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය මේ බව ප්‍රකාශ කළේ.

මේ වන විට උතුරු පළාතේ වැවෙන පලතුරු කොළඹට ගෙන්වීමේදී මුහුණපෑමට සිදුවන ප්‍රධාන ගැටලු වශයෙන් ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම සහ ගබඩා පහසුකම් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම ‍පෙන්වාදුන් ආණ්ඩුකාරවරිය ප්‍රවාහන අමාත්‍යංශය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද පැවසුවා.

මේ සඳහා විශේෂ අරමුදලක් හිමිවන බවත්, එමගින් උතුරු පළාතේ සෑම දුම්රිය ස්ථානයකම ගබඩා පහසුකම් නවීකරණය කර විදිමත්ව උතුරේ පලතුරු කොළඹට ගෙනඒම සඳහා කඩිනම් ක්‍රමවේදයක් සකසන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *