ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි පැවසුවා.
නාමයෝජනා පත්‍රයේ සාමදාන විනිශ්චයකරුවකු අත්සන්කර නොතිබීම, තරුණ අපේක්ෂකයන් සංඛ්‍යාව ප්‍රමාණවත් පරිදි ඇතුළත් කර නොතිබීම යන කාරණය මත ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා.
නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව ඇතුළත්කර නොතිබීම, නාමයෝජනා පත්‍රයේ නම් සඳහන් ඇතැම් අපේක්ෂකයන්ගේ අත්සන් යොදා නොතිබීම, සාමදාන විනිශ්චකාරවරයකුගේ අත්සන යොදා නොතිබීම, තරුණ හා කාන්තා නියෝජනය ප්‍රමාණවත් පරිදි ඇතුළත් කර නොතිබීම නිසා ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා.