Sun. Jun 29th, 2025

ප්‍රසාද දීමනාවට කෙළ හළන මණ්ඩලේ – විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනා දී නැහැ! බිල අඩු කිරීම කල් යයි!

Nov25,2024 #news #sl economy

විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලි බල මණ්ඩලය විසින් ප්‍රමාද කිරීම හේතුවෙන් මේ වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

මණ්ඩලය විසින් මෙම යෝජනා සඳහා තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටීම මෙයට හේතුව ලෙසයි පැවසෙන්නේ.

පසුගිය සැප්තැම්බර් වෙද්දී මෙම යෝජනා මණ්ඩලය විසින් කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු වුවද ඔවුන් දිගින් දිගටම මේ සඳහා කල් ඉල්ලා තිබුණා.

මේ හේතුවෙන් මෙම වසරේ විදුලි බිල අඩු කිරීමක් අපේක්ෂා කළ නොහැකි බවයි වාර්තා වන්නේ. ඒ අතර ජවිපෙ වෘත්තීය සමිතිය වන ලංකා විදුලි සේවක සංගමය මේ වසරේ ප්‍රසාද දීමනා ඉල්ලා තිබුණේ, මේ වන විට විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බව කියමින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *