ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට කිසිදු සීමාවක් පනවා නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
පක්ෂ අවසරය අවශ්‍ය බව පවසමින් අධිකරණ අමාත්‍යවරයා සම්මුඛ සාකච්ඡාවක් ප්‍රතික්ෂේප කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා, කිසිම මන්ත්‍රීවරයකුට ඔවුන්ගේ අදහස් පළ කිරීමට තහනමක් නැති වුවද ඒ සඳහා යම් ක්‍රියා පටිපාටියක් අවශ්‍ය බව තමා විශ්වාස කරන බව කියා සිටියා
සතිපතා කැබිනට් මාධ්‍ය හමුවක් පවත්වන්නේ තීරණ දැනුම් දීමට බවත්, එහිදී මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට නිදහස තිබෙන බවත් ඔහු අවධාරණය කළා.