අකුරැස්ස, මාරඹ ගාල්පල වැල්පාලම ආසන්න බක්මීගහ ගාව තොටුපල අසල මිනිසෙකුගේ පාදයක් නිල්වලා ගංගාවේ පාවෙමින් තිබිය දී අද (28) දහවල් හමු වී තිබෙනවා.
මේ අතර වැලිහේන ප්‍රදේශයේ අවුරුදු 76ක පුද්ගලයෙකු දින තුනක් තිස්සේ අතුරුදන් බවට අද දහවල් පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.
අකුරැස්ස හදිසි මරණ පරීක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ අකුරැස්ස පොලිසිය එම මිනිස් වම් පාදය ගොඩගෙන පරීක්ෂණ සඳහා මාතර මහ රෝහලට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.