ලබන වසරේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව ලබා දීමට රජය සැලැසුම් කර ඇති බව ජනපති අනුර දිසානායක අද (18) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
වාහන සමඟ ගොඩනැගුණු කර්මාන්තයක් සහ ව්‍යවසායකයන් සිටින බැවින් මෙම වෙළෙඳපොල දිගු කාලයක් වසාගෙන සිටීමට නොහැකි බවයි ජනපතිවරයා කියා සිටියේ.
දැනටත් මගී ප්‍රවාහන බස් සහ විශේෂ කාර්යයන් සඳහා භාවිත වන වාහන දැනටත් ගෙන්වීමට අවසර දී ඇති බවත්, එය පෙබරවාරි 01 සිට සිදු කරන බවත් ඩොලර් අර්බුදයකට මුහුණ දීමට සිදු වෙතැයි කිසිවෙකු බය නොවිය යුතු බවත් ජනපතිවරයා අවධාරණය කළා. ආර්ථිකය උද්දීපනය කිරීමට නම් යළි වාහන ආනයනය කළ යුතු බවත් ඔහු කියා සිටියා.