වාහන ආනයනයේදී නව බදු ව්‍යුහයක් පනවන බවත් එම නව බදු ව්‍යුහය පිළිබඳ විස්තර දැනට තමන් සතුව නොමැති බවත් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක ප්‍රකාශ කරනවා.
වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර ඇති බවට පළවන පුවත් තමන් දුටු බව සඳහන් කරන ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් ද වෙනත් තොරතුරු තමන් සතුව නොමැති බවයි.
වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීමෙන් විදේශ විනිමය සංචිතවලට ඇති විය හැකි බලපෑමෙන් පසුව අපේක්ෂිත විදේශ විනිමය ගලායෑම පිළිබඳ මුදල් අමාත්‍යාංශය සතුව මෙතෙක් නිශ්චිත දත්ත නොමැති බව ද වැඩි දුරටත් වාර්තා වෙනවා.
කෙසේ වුවත් ඔක්තෝබර් 01 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවත් මෝටර් රථ ඇතුළු අනෙකුත් මගී වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමාවන් 2025 පෙබරවාරි 01 වැනිදා සිට ඉවත් කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කර තිබුණා.
විදේශ ඇමැති අලි සබ්‍රි ප්‍රකාශ කර තිබුණේ විදේශ විනිමය සංචිතවල ප්‍රගතිය සහ රුපියල ශක්තිමත් වීම හේතුවෙන් 2025 පෙබරවාරි මාසය වන විට සියලුම වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි.