අධික වේගයෙන් රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා ඇමරිකානු නිෂ්පාදනයක් වන වේග මාපක උපකරණ ගෙන්වා තිබෙනවා.
ලේසර් තාක්ෂණයෙන් ක්‍රියා කරන මෙම නවීන උපකරණ මගින් රියදුරන්ගේ වේගය ඉතා පැහැදිලිව සහ ඉක්මනින් ලබා ගත හැකි බව පැවසෙනවා.
මේ වන විට මීගමුව, කැළණිය, ගම්පහ කොට්ඨාස භාර නිලධාරීන් වෙත මෙම වේග මාපක උපකරණ කට්ටල 30ක් සංකේතාත්මකව භාර දී තිබෙනවා.
ඉදිරියේදී දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම වේග මාපක ලබා දීමට නියමිත වෙනවා. මහමග සිදුවන දරුණු අනතුරු වැලකීම සඳහා මෙම මාපක යෙදවීම උපකාරි වෙනු ඇතැයි විශ්වාසය පළ වෙනවා.