තොරතුරු දැනගැනීමේ පනත යටතේ හමුදාවන්ගෙන් තොරතුරු ඉල්ලා සිටින පුද්ගලයන්ගේ හඳුනාගැනීමේ ලේඛනවල ‘සහතික කළ පිටපත්’ අවශ්‍ය වන ආකාරයේ නව ක්‍රියාවලියක් ගුවන් හමුදාව ආරම්භ කර තිබෙනවා.
උතුරේ පුද්ගලයකුට අදාළ අයැදුම්පතක් තව දුරටත් විභාග කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ නිලධාරියෙකු විසින් ඔහුගේ ග්‍රාම සේවක හෝ සාම විනිසුරුවරයෙකු විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතේ පිටපතක් ලබාදෙන ලෙස දැනුම් දීමෙන් පසුව මෙය අනාවරණය වුණා.
මීට පෙර ජාතික හැඳුනුම්පත් පිටපතක් ලබාදෙන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇති අතර ඔහු එයට අනුකූලව කටයුතු කර ඇති නමුත් පසුව ඔහුගේ අයදුම්පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා සහතික කළ පිටපත් අමුණන ලෙස ඔහුට දන්වා තිබෙනවා.
මෙම අතිරේක ක්‍රියා පටිපාටිය විමසූ විට ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය නිලධාරියකු පවසා ඇත්තේ අභ්‍යන්තර නියෝගයක් මත පදනම්ව තොරතුරු දැනගැනීමේ ඉල්ලීම් ඉදිරපත්කරන සියලුම අයැදුම්කරුවන් පිළිබඳ හඳුනාගැනීමේ තොරතුරු ගුවන් හමුදාවට ලබාගත යුතු බවයි.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයැදුම්කරුවකුගේ හැඳුනුම් ලේඛන ඉදිරිපත් කිරීම නීතියෙන් අත්‍යවශ්‍ය වූයේ නෑ.
“පසුගිය කාලය තුළ අපට බොහෝ නිර්නාමික අයදුම්පත් ලැබී ඇති බැවින් තොරතුරු ඉල්ලා සිටින පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු බව තහවුරු කිරීමට අපට අවශ්‍යයි.” ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.