ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව දේශපාලන සන්ධානයක් ජනගත කිරීම පසුගිය දා කොළඹ සිනමන් ලේක්හිදී සිදු කෙරුණා.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපතිවරයා ලෙස ව්‍යවසායක මොහාන් පෙරේරාත්, මහ ලේකම්වරයා වන්නේ ආචාර්ය සුරේෂ් ගංගාදරන්වත් පත් කළා. එහි ජාතික සංවිධායක නිලුක්ෂ නන්දකුමාරන් ද ප්‍රචාරක ලේකම් ලෙස ප්‍රවීන මාධ්‍යවේදී ලංකා ඩී. ජයවර්ධනත් කටයුතු කරනවා.
ඉදිරි මහ මැතිවරණය සදහා සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට නව සන්ධානය අපේක්ෂා කරන බව වැඩි දුරටත් සඳහන් වෙනවා.
එසේම ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය සදහාත් මුළු රටම නියෝජනය වන පරිදි අපේක්ෂකයින් පත් කිරීමට සැලසුම් කරන බව ද ඔවුන් කියා සිටිනවා.
මීට අමතරව dna.lk නමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ වෙබ් අඩිවය ද මෙහිදී එළි දැක්වනු ලැබුවා.