විදේශ ගමන් බලපත්‍ර සැපයීම සඳහා ගිවිසුම්ගත විදේශ ආයතනය සමඟ ඇතිකරගත් ගිවිසුම අනුව විදේශ ගමන් බලපත්‍ර 50,000 ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
නව විදේශ ගමන් බලපත්‍ර 750,000 ක් තවදුරටත් බෙදා හැරීමට අපේක්ෂා කරන බවයි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.
නොවැම්බර් අග වන විට විදේශ ගමන් බලපත්‍ර 100,000ක් සහ දෙසැම්බර් මාසයේදී අමතර 150,000ක් වශයෙන් මෙම තොගය ක්‍රමානුකූලව පැමිණෙනු ඇති.
මේ වන විට දෙපාර්තමේන්තුව දිනකට විදේශ ගමන් බලපත්‍ර 1600ක් පමණ නිකුත් කරනවා. දෙසැම්බර් මාසයේ සිට වර්ධනය වන ඉල්ලුම සපුරාලීම සඳහා මෙම ප්‍රමාණය ක්‍රමිකව වැඩි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
විදේශ ගමන් බලපත්‍ර සේවා සඳහා අවස්ථා වෙන්කරවා ගැනීමට අයදුම්කරුවන්ට ඉඩ සැලසීමේ මාර්ගගත ක්‍රමයක් සකස් කරන බවද දැනගැනීමට ලැබෙනවා.