ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත්කර තිබෙනවා.
ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන කේ. එම්. ජී. එච්. කුලතුංග, ඩී. තොටවත්ත, ආර්. ඒ. රණරාජා සහ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්. සී. එල්. බී. ගොපල්ලව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව අනුව එම පත්කිරීම් සිදුකර ඇති බවයි.