Sat. Jun 21st, 2025

අයථා වත්කම් පවරාගන්න අලුත් ආයතනයක්

Oct20,2024 #illegal property #low #ministry

දේශපාලනඥයන් හෝ වෙනත් තැනැත්තන් විසින් අයථා ලෙස උපයාගත් වත්කම් සහ දේපළ රාජසන්තක කොට පවරා ගැනීම සඳහා නව රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය යනුවෙන් හැඳින්වෙන මෙය ලොව බොහෝ දියුණු රටවල ක්‍රියාත්මක වන ආයතන සම්ප්‍රදායක්.

අයථා ලෙස උපයාගත් මුදල් හෝ මුදල් විශුද්ධිකරණයෙන් සපයාගත් මුදල් සහ වෙනත් වත්කම් පිටරටවල හෝ රට තුළ තිබේ නම් ඒවා හඳුනාගෙන අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම රජයේ අරමුණයි.

විශේෂයෙන් දැනටමත් රජයට ලැබී තිබෙන නීතිවිරෝධී කළු සල්ලි හිමියන් සම්බන්ධ තොරතුරු අනුව රහසිගත පරීක්ෂණ ගණනාවක් දියත් කර ඇති බව ද ආරක්ෂක අංශ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *