Fri. Jun 27th, 2025

වාහන ආනයනය ගැන නව රජයේ තීරණය

Nov26,2024 #news #sl economy #slpolitics

අත්හිටුවා ඇති වාහන ආනයනය සම්බන්ධයෙන් අද (26) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අදහස් පළ කළා.

ඇමැතිවරයා පවසන්නේ විදේශ විනිමය සීමාවන්ට යටත්ව එම අවසරය ලබා දෙන බවයි.

ප්‍රමුඛතා මත සලකා බලා වාහන ගෙන්වීම සඳහා ක්‍රම ක්‍රමයෙන් අවසර දෙන බව කී ඔහු ආර්ථියට හානියක් නොවන සේ එය කළ යුතු බව කියා සිටියා.

මේ වන විට රටේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.4ක මට්ටමකට පැමිණ ඇති බැවින් ස්ථාවරයට කඩා බිඳ දැමීම කළ නොහැකි බව කී ඔහු ක්‍රමිකව වෙළඳපොල යාන්ත්‍රණයට ක්‍රියාත්මක වීමට ඉඩ හරින බව කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *